දිවයින පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2025 - අ.පො.ස (උ.පෙළ) විභාගයේ නොපැවැත් වූ විෂයන් 2026 ජනවාරි මස 12 වැනිදා සිට ජනවාරි 20 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ආපදාවට ලක් වූ පාසල් අයදුම්කරුවන් තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනීසිටීමට නොහැකි නම් තම පාසලේ විදුහල්පතිවරයා දැනුවත් කළ යුුතුය.
තම විදුහලේ ආපදාවට ලක්වූ අයදුම්කරුවන් සිටී නම් විදුහල්පතිවරුන් ඒ පිළිබඳ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා විභාග කොමසාරිස් (පාසැල් විභාග සංවිධාන හා ප්‍රතිඵල) දැනුවත් කළ යුතු බවට එම නිවේදනයේ සඳහන් වේ.
එසේම ආපදාවට ලක්වූ පෞද්ගලික අයදුම්කරුවන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනීසිටිමට නොහැකි නම් ක්ෂණික දුරකතන අංක -1911 , දුරකතන අංක - 011 2784537,011 2786616,011 2784208 අමතා හෝ ෆැක්ස් අංක 011 2784422 ට හෝ
සංශෝධිත කාලසටහන පහතින් දැක්වේ.



