ඇල්ල ඔඩිසී ඊ ටිකට් පත් චංවාව සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

ඇල්ල ඔඩිසී ඊ ටිකට් පත් චංවාව සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
  • SocialShare:

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී දුම්රිය දෙපාර්තමෙන්තුවේ සේවයේ නියුතු තාක්ෂණික නිලධාරිවරයෙකු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්  ඊයේ (22) අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.

ඇල්ල ඔඩිසී  දුම්රියේ සිදුවන ඊ ටිකට්පත් වංචාව සම්බන්ධව ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන සහ පරීක්ෂණ කටයුතු අනුව මෙම අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුකරු සතුව තිබී ඒ දුම්රිය ඊ ටිකට් 92ක් ද හමුව තිබෙන අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව මෙම ටිකට් පත් සංචාරකයින්ට සහ අනෙකුත් සංචාරකයින්ට වැඩි මුදලට විකිණීම සඳහා ළඟ තබා ගත් බවට කරුණු අනාවරණය වී තිබේ.

එමෙන්ම මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු මාතලේ ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන එ්කකය විසින්  ඔවුන්ට ලත් තොරතුරකට අනුව ඊ ටිකට් 29ක් සන්තකයේ තබාගෙන සිටි තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර එම සැකකරු සන්තකයේ තිබී රුපියල් 131,000 ආසන්න මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.මෙම සැකකරු ද වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කර ඇත.

මේ අනුව, ඊ ටිකට් පත් චංවාව සිදු කර මෙම ටිකට් පත් වෙනත් පාර්ශවයන් වෙත ලබාදුන් තැනැත්තන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරයි.

සැකකරුවන් තිදෙනා අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.