ග්‍රාමීය ගොවි ජනතාවගේ දුප්පත්කම තුරන් කිරීම සඳහා කෘෂිකර්ම ක්ෂේත්රයේ නවමු වෙනසක් ඇති කළ යුතු බවත් ඒ සඳහා ලොව ඇති ඉහළම කෘෂිකාර්මික තාක්ෂණය මෙරටට රැගෙන ඒම මඟින් මෙරට වගා කළ හැකි සියලු භෝග රට තුළ වගා කිරීමට පියවර ගැනීමත් සිදු කළ යුතු බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
ඊයේ (22) පැවති මහවැලි පුනරුද සතිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ඒ මහතා මේ බව පැවසුවේය.
එමෙන්ම, අපනයන වෙළඳපොල ඉලක්ක කර ගනිමින් දේශීය කෘෂිකර්මාන්තය ඉහළම නැංවීම අරමුණු කර ගත ජාතික වැඩපිළිවෙලකට අනුව කටයුතු කිරීම තම අමාත්‍යංශයේ අරමුණ වන බව ද ඒ මහතා මෙහි දී සඳහන් කළේය.
මෙම වැඩ කටයුත්තේ එක් පාර්ශවයක් නියෝජනය කරන මහවැලි අධිකාරිය හරහා සැලකිය යුතු වැඩ කොටසක් සිදු කර ගත හැකි බවත්, ඒ සඳහා අවශ්‍ය මූලික පියවර මහවැලි H කලාපයෙන් "මහවැලි පුනරුද සතිය" හරහා දියත් කරන බවත් මෙහි දී අමාත්‍යවරයා මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම වර්තමානයේ බලයට පත් ව ඇත්තේ ජනතාවාදී ආණ්ඩුවක් බවත් එහි දී ගොවි ජනතාව හා එක් වී ගොවි ජනතාවට සේවය කරන බවත් මහවැලි අධිකාරිය යටතේ ඇති සියලුම ගොවි සංවිධාන මෙම සංවර්ධනයට දායක කරගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව, මහවැලි කලාපයෙන් ආරම්භ වන මහවැලි පුනරුද සතිය ජනවාරි 27 වන දින සිට පෙබරවාරි මස 02 වන දින දක්වා ක්‍රියාත්මක කරන අතර ජනවාරි 27 දින ශ්‍රමදාන දිය ලෙසත්,ජනවාරි 29 දින කෘෂිකර්ම දිනය ලෙසත්, ජනවාරි 30 දින වාරිමාර්ග දිනය ලෙසත්, ජනවාරි 31 දින ගොවි උපහාර දිනය ලෙසත්, පෙබරවාරි 01 දින ක්‍රීඩා දිනය ලෙසත්, පෙබරවාරි 02 දින ව්‍යාපාරික දිනය ලෙසත් නම් කිරීමට පියවර ගෙන ඇත.