වැඩබිම් තුළ සිදුවිය හැකි ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ILO සම්මුති අංක 190) අපරානුමත කිරීමට අදාල ලේඛනය නිල වශයෙන් භාරදීමේ උත්සවය ඊයේ (08) කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, සේව්‍ය - සේවක දෙපාර්ශවයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙම සම්මුතිය අපරානුමත කරන ලද දකුණු ආසියාවේ දෙවැනි රට ශ්‍රී ලංකාව යි.
අපරානුමත කිරීමට අදාල ලේඛනය ජාත්‍යන්තර කම්කරු සංවිධානය වෙත නිල වශයෙන් භාරදීමත් සමග ශ්‍රී ලංකාව මෙම සම්මුතිය විධිමත් ලෙස පිළිගැනීම සහ නීතිමය, ප්‍රතිපත්තිමය සහ ආයතනික පියවර හරහා එහි විධිවිධාන ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කර ඇත.
සේවා ස්ථාන, පොදු ප්‍රවාහනය සහ අනෙකුත් පොදු අවකාශයන්හි ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයන්ගෙන් සහ හිරිහැරවලින් ආරක්ෂාවීම සහතික කිරීම සඳහා නීති සහ ක්‍රියා පටිපාටි සංශෝධනය කිරීම "පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්" ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි ද අවධාරණය කර තිබේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විස්ටර්ලන්ත තානාපති Siri Walt,ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත Kiril Iordanov, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc- André Franche සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිත Joni Simpson යන මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී විය.


