“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ,, යන්න තේමා කරගනිමින් ක්‍රියාත්මක වන වත්මන් රජයේ තවත් සුවිශේෂි වැඩපිළිිවෙළක් ලෙස “ Dairy hub” නමින් රට පුරා ව්‍යාප්ත කිරිමට නියමිත කිරි නිෂ්පාදන ආයතන පිහිටුවිමේ සමාරම්භක වැඩසටහන මහවැලි එච් කලාපයේ තඹුත්තේගම නීරාවිය මහවැලි ගොවිපලේ දී පැවැත්විණි.
මෙම වැඩසටන ක්‍රියාවට නන්වන්නේ “ කිරි ඉතිරෙන රටක්,, නිර්මාණය කිරීම අරමුණු කරගෙන යි. වැඩසටහන ආරම්භ කළේ , කාෂීකර්ම , පසු සම්පත් , ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.
කිරි නිෂ්පාදනය ඉහළ නැන්වීම , තරුණ ගොවින් , කාන්තාවන් කිරි කර්මාන්තයට දායක කරගැනිම යනා දි අරමුණ පෙරදැරි කරගෙන කිරි ගොවින් මධ්‍යම පාන්තික මට්ටම දක්වා ඉහළට ගෙන ඒමට ගොවින් දිරි ගැන්වීම මෙහි අරමුණයි. කිරි ගොවින්ට සත්ත්ව ගොවිපල ආරම්භ කිරීමට මුදල් ආධාර ලබාදිමත් , කිරි නිෂ්පාදන ආරම්භ කිරිමත් මෙහි දි සිදුවනු ඇති. 2030 වර්ෂය වන විට රට පුරා “ Dairy hub” 300 ආරම්භ කිරිමට මේ යටතේ සැලසුම් කර තිබේ.
මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්මා අමාත්‍යවරයා මෙසේ පැවසීය.
සෑම කිරි ගොවියකුම ඉලක්කගතව වැඩ කළ යුතු යි. ඒ වෙනුවෙන් රජයෙක් වශයෙන් එක් කිරි නිෂ්පාදන ආයනයක් ආරම්භ කිරීමට මිලියන පහත් දහයත් අතර මුදලක් රජයෙන් ලබා දිමට කටයුතු කිරිම මෙහදිී සිදු කරනවා. මෙහි දී ගොවි ජනතාව කැපවී කටයුතු කිරිම අනිවාර්ය කටයුත්තක්. කිරි නිෂ්පාදනය සදහා සහය වන රජයේ සියලු ආයතන ඒකාබද්ධ කරමින් කටයුතු කිරිම මෙහි දී සිදු විය යුතු යි. ලෝකය ඉදිරියේ ප්‍රසිද්ධ කිරි නිෂ්පාදනයක් මෙරට සිදු කිරිම මගින් අපනයන තත්ත්වයන් වැඩි කිරිමට ක්‍රියා කිරිම අත්‍යවශ්‍ය වේ
බොහෝ අය වැටුප් ප්‍රමාණවත් නැති බව කියමින් වෙනත් රටවල රැකියාවන් සදහා යනව. නමුත් සිදුවිය යුත්තේ රට ගොඩනැගීමට සහය වීම යි. එය නිලධාරින්ගේ වගකිමක්. නිලධාරීන් පත්කර තිබෙන්නේ රට ගොඩනැගිය යුතුයි යන හැගිමෙන් වැඩ කරන්නයි. නමුත් රට ගොඩනගන්න පැමිණි බොහෝ අය කරල තියෙන්නේ තමන් ගොඩනැගෙන එක. නව රජය යටතේ එවන් තත්ත්වයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. අධිෂ්ඨානයෙන් යුතු අලුත් පරම්පරාවක් නිර්මාණය කිරීමයි අපි කළ යුත්තේ. උපාධිය රැගෙන රැකියා ඉල්ල පාරට බහින මිනිසුන් වෙනුවට උත්සාහවන්තව නැගි සිට ව්‍යවසායක ප්‍රජාවක් ලෙස නැගි සිට කටයුතු කරන අධිෂ්ඨනශීලී උගතුන් වශයෙන් කටයුතු කිරිමට සියලු දෙනා උත්සාහ ගත යුතුව තිබේ.
.
ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ , පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන පි.ඩී.එන්.කේ . පලිහේන , සුසන්ත කුමාර නවරත්න , පලාත් ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ , උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගාමීණි සේනරත්න , කෘෂිකර්ම , සශු සම්පත් , වාරිමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිකා ප්‍රනාන්දු , සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලී කොතලාවල , මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.ජේ.කේ .හේරත් , යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.


