අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අදින් (21) අවසන් වන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
අස්වැසුම දෙවැනි අදියර සදහා අයදුම්පත් 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලැබී ඇති බවත්, අදාළ අභියාචනා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට භාරදිය හැකි අතර අනතුරුව එම අභියාචනා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට යොමු කර එහිදී සමාලෝචනය කිරීමට නියමිත බවත් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.


