චීනයෙන් තවත් මෙට්‍රෝ බස් රථ 104ක් ශ්‍රී ලංකාවට

චීනයෙන් තවත් මෙට්‍රෝ බස් රථ 104ක් ශ්‍රී ලංකාවට
  • SocialShare:
චීනයේ බීජිං නගරයේ පිහිටි FOTON ජාත්යන්තර සමාගමේ ප්රධාන කර්මාන්තශාලාවේදී මෙට්රෝ බස් රථ 104ක් ශ්රී ලංකාව වෙත නිල වශයෙන් භාරදීම පසුගියදා සිදු කෙරිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්රවාහන හා ප්රවාහන නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන මහතා පැවසුවේ, මෙම බස් රථ තොගය ශ්රී ලංකාවේ පොදු ප්රවාහන ක්ෂේත්රයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත්යි. අනාගතයේදී මගී ජනතාවට වඩාත් උසස් හා ගුණාත්මක ප්රවාහන සේවාවක් ලබාදීම සඳහා සියලු පාර්ශ්ව සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ් මහතා පැවසීය.
 
එම අවස්ථාව සඳහා Lanka Metro Transit ආයතනයේ නියෝජිතයින් සහභාගී වූ අතර, ශ්රී ලංකාවේ පොදු ප්රවාහන සේවාව නවීකරණය කිරීමේ වැඩසටහනට මෙම බස් රථ තොගය වැදගත් දායකත්වයක් ලබාදෙනු ඇතැයි සඳහන් වේ.