ජනතා ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීම අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමයි

ජනතා ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීම අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමයි
  • SocialShare:
යම් ප්රදේශයක පවතින ප්රමුඛතම සංවර්ධන යාන්ත්රණය ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වන බැවින්, එහි රැස්වීම් මගනොහැර නිලධාරීන් සහභාගී විය යුතු බවත් වෙනත් ඕනෑම සංවිධානයක රැස්වීමකට වඩා මෙම ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට නිලධාරීන් ප්රමුඛතාව ලබා දිය යුතු බවත් රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.
අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ අද (18) දින පැවැති පුත්තලම දිස්ත්රික්කයේ කරුවලගස්වැව ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.
 
එහිදී රැස්වීමට නොපැමිණි නිලධාරීන් සම්බන්ධයෙන් කරුණු විමසමින් අමාත්යවරයා මෙම ස්ථාවරය ප්රකාශ කර සිටියේය.දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගත් තීරණවලට අනුව, ජනතාවගේ ගැටලු විසඳීම ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට කැඳවා ඇති අදාළ රාජ්ය නිලධාරීන් සාධාරණ හේතුවක් දැනුම් දීමකින් තොරව ඒ සඳහා සහභාගී නොවන්නේ නම් එමගින් ප්රදේශයේ ම සංවර්ධන වැඩ කටයුතු අඩාල වන බව අමාත්යවරයා මෙහිදී අවධාරණය කළේ ය.
 
මෙවැනි කමිටු රැස්වීම් පවත්වන්නේ ජනතාවගේ ගැටලු විසඳීම වෙනුවෙන් බවත්, එම ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීම අදාළ රාජ්ය නිලධාරීන්ගේ වගකීම බවත් අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.
 
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා පවසා සිටියේ ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් පවතින දිනවල රාජ්ය නිලධාරීන් වෙනත් කිසිදු බාහිර රැස්වීමක් යොදා නොගත යුතු බවට උපදෙස් ලබා දුන්නේය. යම් නිලධාරියෙකුට වෙනත් රැස්වීමක් යෙදී ඇත්නම්, සම්බන්ධීකරණ කමිටු රැස්වීම පවතින බව පවසමින් එම රැස්වීම්වල දින වෙනස් කර ගැනීමට හෝ වෙනත් නිලධාරියෙකු සහභාගී කරවීමට කටයුතු කළ හැකි බව අමාත්යවරයා සඳහන් කළේය.
 
මෙම අවස්ථාවට කරුවලගස්වැව ප්රදේශීය සභාවේ සභාපති නීල් නවරත්න, උප සභාපති අයි.එම්.චන්ද්රදාස යන මහත්වරුන් ඇතුළු ප්රාදේශීය සභාවේ මහජන නියෝජිතයින්, අමාත්යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් දුෂාන්ත මංජුල මහතා ඇතුළු නිලධාරීන්, ප්රාදේශීය ලේකම් සන්ධ්යා මාතර ආරච්චි මහත්මිය ඇතුළු ප්රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් හා රාජ්ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.