දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ අඹේවෙල – නානුඔය දුම්රිය මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව, 2026 ජූනි 20 වැනිදා සිට බදුල්ල – නානුඔය අතර දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
මේ අනුව, දැනට බදුල්ල සිට අඹේවෙල දක්වා පමණක් ධාවනය වන දුම්රිය සේවා, දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වා දීර්ඝ කෙරේ.
පළමු පන්තියේ (වායු සමනය කළ) සහ දෙවන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් සහිත මැදිරි මෙම දුම්රිය සේවාවන්ට ඇතුළත් වන අතර, මගීන්ට දුම්රිය ආසන වෙන්කිරීමේ සේවාව හරහා හෝ ආසන වෙන්කිරීමේ පහසුකම් සහිත ඕනෑම දුම්රිය ස්ථානයකින් ප්‍රවේශපත් ලබාගත හැක.
මගීන්ට ආසන වෙන්කරවා ගැනීමට https://seatreservation.railway.gov.lk සබැඳිය වෙත පිවිසිය හැකි අතර, ආසන වෙන්කිරීමේ පහසුකම් සලසා ඇති ඕනෑම දුම්රිය ස්ථානයකින් ද ප්‍රවේශපත් ලබාගත හැක.
එසේම, ගමනේ ආරම්භක හෝ අවසාන දුම්රිය ස්ථානය ලෙස අඹේවෙල සඳහන් කරමින් දැනටමත් වෙන්කර ඇති ප්‍රවේශපත්‍ර භාවිත කර නානුඔය දුම්රිය ස්ථානයෙන් ගමන ආරම්භ කිරීමට හෝ එහිදී ගමන අවසන් කිරීමට ද අවසර ලබාදී ඇත.


