ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත් හිටුවේ

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත් හිටුවේ
  • SocialShare:

කඩවත මධ්‍යම අධිවේගී මාර්ගය අසල ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ සිදු වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද සහ හෙට පෙරවරු 8.00 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අත්හිටුවිමට සිදු වන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට සහ ගම්පහ ප්‍රාද්ශීය බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත් හිටුවේ.
සිදුවන අපහසුතාවය වැළැක්වීම සඳහා බවුසර් මගින් ජලය බෙදා හැීමට අවශ්‍ය කටයුතු කරන බවද එම මණ්ඩලය දැනුම් දේ.
මේ පිළීබඳ වැඩිදුර විස්තර 1939 දුරතකන අංකය ඔස්සේ ලබා ගත හැකි වේ.