නිවාස අහිමි අඩු ආදායම්ලාභී ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබාදෙන නිවාස ආධාරය අගෝස්තු පළවෙනිදා සිට වැඩි කෙරේ

නිවාස අහිමි අඩු ආදායම්ලාභී ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබාදෙන නිවාස ආධාරය අගෝස්තු පළවෙනිදා සිට වැඩි කෙරේ
  • SocialShare:

නිවාස අහිමි අඩු ආදායම් ලාභී ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබාදෙන නිවාස ආධාරය අගෝස්තු පළවෙනිදා සිට රුපියල් ලක්ෂ 7 සිට ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසීය.

, ග්‍රාමීයා සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශය සඳහන් කරයි.

ග්‍රාමීයා සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව පසුගියදා රැස් වූ අතර එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය

අඩු ආදායම් ලාභී ආබාද සහිත පුද්ගලයන් සඳහා නිවාස අළුත්වැඩියා කිරීමට ලබා දෙන රුපියල් ලක්ෂ 3ක ආධාර මුදල ලක්ෂ 5 දක්වා වැඩිකිරීමටද මෙහිදී තීරණය වී තිබේ

ආබාධ සහිත පුද්ගලයන්ගේ සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් වැසිකිලි ඉදි කිරීමට ලබාදෙන රුපියල් ලක්ෂයක ආධාර මුදල රුපියල් එක් ලක්ෂ පනස් දහස දක්වා වැඩිකිරීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.