ළමා රක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට “Child First” නමින් නව ව්‍යාපෘතියක්

ළමා රක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට “Child First” නමින් නව ව්‍යාපෘතියක්
  • SocialShare:

ළමා හිංසන, ළමා අපයෝජන, නොසලකා හැරීම් සහ පසු විපරම් නොකිරීම හේතුවෙන් ළමුන් කායික හා මානසික පීඩා වලට ගොදුරු වූ අවස්ථාවන් රැසක් පසුගිය කාලයේ වාර්තා වූ අතර මෙම තත්ත්වය මගහරවා ගනිමින් ළමයින් සුරක්ෂිත කිරීම සමාජයේ වගකීමක් ලෙසද කාලීන අවශ්‍යතාවයක් බවද සලකමින් ළමා රක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට “Child First” නමින් නව ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාවට නංවා ඇත.

“ළමයාගේ ආරක්ෂාව භාරකරුවන්ගේ වගකීමයි” යන තේමාව අරමුණු කර ගනිමින් ළමුන්ගේ භාරකාරිත්වයේ කුසලතා හා වගකීම පැහැදිලි කරමින් ළමුන් රැකබලා ගැනීම සම්බන්ධයෙන් ප්‍රජා පොලිස් කොට්ඨාසය මගින් දෙමාපියන් සහ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය මේ ඔස්සේ කටයුතු අරඹා ඇත.

මෙහි පළමු වැඩසටහන ගල්කිස්ස පොලිස් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් ඊයේ (13) උදෑසන ප්‍රජා පොලිස් සහ පරිසර ආරක්ෂණ දිසාව භාර කාන්තා නියෝජ්‍ය පොලිස්පති බිම්ශානි ජාසිංආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මොරටුව බෞද්ධ මන්දිරයේදී පවත්වන ලදී.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට මොරටුව මහා විද්‍යාලයේ සිසුන් හා දෙමවුපියන් 700 ක පමණ පිරිසක් සහභාගී වූ අතර එහිදී කැලණිය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා හා දර්ශනය අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය මනෝජි හරිස්චන්ද්‍ර මහත්මිය විසින් දරුවන් හා දෙමවුපියන් අතර සම්බන්ධතාවය වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් හරවත් දේශනයක්ද සිදු කළාය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.