ශ්‍රී ලංකා ගුවන් හමුදාව CASEVAC මෙහෙයුමකින් සාමසාධක නිලධාරීන් දෙදෙනෙකු බේරා ගනී

ශ්‍රී ලංකා ගුවන් හමුදාව CASEVAC මෙහෙයුමකින් සාමසාධක නිලධාරීන් දෙදෙනෙකු බේරා ගනී
  • SocialShare:

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය විසින්, 2025 දෙසැම්බර් 15 දින සෙමියෝ ප්‍රදේශයේ සටන්කාරී තත්ත්වයක් අතරතුර තුවාල ලැබූ එක්සත් ජාතීන්ගේ සාමසාධක නිලධාරීන් දෙදෙනෙකු හදිසි වෛද්‍ය ඉවත් කිරීමේ (CASEVAC) මෙහෙයුමක් සාර්ථකව ක්‍රියාත්මක කර ඇත.

Mi-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් භාවිතා කරමින්, සෙමියෝ මෙහෙයුම් කඳවුරෙන් කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි ආරක්ෂක අවදානමක් පවතින සතුරු ප්‍රදේශයකදී මෙම මෙහෙයුම සිදු කර ඇත.

මෙහෙයුමේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙස වින්ග් කමාන්ඩර් නෙල්සන් ද සිල්වා මහතා කටයුතු කළ අතර, සහායක ගුවන් නියමුවා ලෙස ෆ්ලයිට් ලෙප්ටිනන් අරුනෝද ඒකනායක මහතා කටයුතු කළහ. ගුවන් කාර්ය මණ්ඩලය සහ වෛද්‍ය කණ්ඩායම විසින් ගුවන් ගමන පුරා තුවාල ලැබූ නිලධාරීන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලදී.

පැය 1යි මිනිත්තු 45ක ගුවන් ගමනකින් අනතුරුව, තුවාල ලැබූ නිලධාරීන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා බන්ගුයි නගරයට ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට ගුවන් හමුදාව සමත් විය.