ධාවනයෙන් ඉවත්කළ අධි සුඛෝපභෝගී බස්රථ 9 ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කෙරේ

ධාවනයෙන් ඉවත්කළ අධි සුඛෝපභෝගී බස්රථ  9 ක්  අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කෙරේ
  • SocialShare:

දෛනික ධාවනයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කර තිබු, 2014 වසරේදී ලංකාවට ආනයනය කරන ලද  සුඛෝපභෝගී බස් රථ 9ක්, නවතම  එංජින් කටිටල සහ අනෙකුත් අමතර උපාංග යොදා නැවත ධාවනයට එක් කිරිම ඊයේ(18) කටුබැද්ද ඩිපෝ පරිශ්‍රයෙදී සිදු විය.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අළුත්වැඩියාකර ධාවනයට ගතහැකි බස් රථ 600ක් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ මෙම බස් රථ අළුත්වැඩියා කිරීම සිදු විය.

5000km කෙටි දුර ධාවනයෙන් පසු, අධිවේගී මාර්ග සහ, දුර ගමන් සඳහා  යෙදවීමට නියමිතය.

මෙම බස් රථ ධාවනයට එක් කිරීමේ අවස්ථාවට ප්‍රවාහන  සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය  ප්‍රසන්න ගුණසේන සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.