රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7456 ක් පිරවීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7456 ක් පිරවීමට කැබිනට් අනුමැතිය
  • SocialShare:

රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7456 ක් පිරවීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද(11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව, රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් හඳුනාගෙන ඒ අනුව අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තා අනුව බඳවා ගැනීම් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මෙම බඳවාගැනීම් සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

මෙම පුරප්පාඩු අත්‍යාවශ්‍ය බඳවාගැනීම්. ප්‍රමුඛතාවය අනුව තනතුරෙන් තනතුර සළකා බලා මෙම බඳවා ගැනීම් සිදු කරනවා. මෙම බඳවා ගැනීම් සිදු නොකළොත් ඔබට සපයන සේවා ලබා දීමේ ගැටලුවක් තිබෙනවා. ඉදිරි මාස 02 තුළ මෙම බඳවා ගැනීම් සිදු කිරීම ආරම්භ කිරීමට හැකි වේවි අදාළ පුරප්පාඩු පුරවනවා මිස රාජ්‍ය සේවයට බරක් ගේන්න කටයුතු කරන් නැහැ. කිසිදු පත්වීමක් දේශපාලන උවමානාවට පුරවන්නේ නැහැ

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.