සෞඛ්‍ය සහ අධ්‍යාපනය රජයේ වගකීමක් ලෙස විශ්වාසිකරන බවත්, ඒ අනුව රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සමඟ එකතුවෙලා ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ එම සිසුන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ලබා දෙන බව, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.
ඊයේ(10) අධ්‍යාපන අමාත්‍යංශයේ දී රජයේ අනුමත රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවක දී නයෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
පූර්ව ළමාවිය අධ්‍යාපනයේ සිට තෘතීය අධ්‍යාපනය දක්වා ම රටේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ රජය වගකිව යුතුයි කියා අපේ රජය විශ්වාස කරනවා. අනිවාර්යයෙන් ම පාසල් අධ්‍යාපනයට රජය මැදිහත් විය යුතු යි. එසේ ම ඉන් පිටට යන අයට ද අවශ්‍ය මාර්ග සහ පහසුකම් ලබා දිය යුතුයි කියා අපි විශ්වාස කරනවා. නිෂ්පාදන හා සේවා ආර්ථිකයක් ගොඩනැඟීමට සුදුසු පරිසරය අධ්‍යාපනය තුළින් සැකසිය යුතු යි. අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ තත්ත්වය සුරක්ෂිත කිරීම පිණිස උසස් අධ්‍යාපන ආයතන නියාමනය කිරීමට අපි මැදිහත්විය යුතු යි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ මේ පරිසරය නිර්මාණය කරන්නට අපි රජයක් ලෙස කැපවෙනවා. ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම, ශිෂ්‍ය සුබසාධානය, විෂයමාලා යාවත්කාලීන කිරීම, නව විෂයමාලා හඳුන්වාදීම, ජාත්‍යන්තර ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ආදිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි අපි මූලිකත්වය ලබා දෙන්නට කටයුතු කරනවා යැයි ද පැවසී ය.