රු.කෝටි 62 ඉක්මවූ කප්රුක සුපිරි ජයමල්ල වාසනාවන්තයාට චෙක්පත ප්‍රදානය අද

රු.කෝටි 62 ඉක්මවූ කප්රුක සුපිරි ජයමල්ල වාසනාවන්තයාට චෙක්පත ප්‍රදානය අද
  • SocialShare:

මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම සුපිරි ජයමල්ලක් ලෙස සැලකෙන රු.629,855,919.60 ක මුදලට වාසනාවන්තයෙකු බිහිකිරීමට කප්රුක ලොතරැයියට 2026 පෙබරවාරි 19 දින හැකිවිය.එම ත්‍යාග මුදලට අදාල චෙක්පත ප්‍රදානය කිරීම වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පැවැත්විණි.

සංවර්ධන ලොතරැයි පත් තුළින් දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කවලින් බිහි වූ සුපිරි ජයග්‍රාහකයින් සහ විසි ලක්ෂපතියන් හා දස ලක්ෂපතියන්ට චෙක්පත් ප්‍රදානය කිරීමත් මෙතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ට චෙක්පත් සහ සහතිකපත් ප්‍රදානය කිරීමත් මෙහිදි  සිදු විය.

ඒ අනුව සංවර්ධන ලොතරැයිපත් තුළින් දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 51 දෙනෙකු අතර  බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු. 707,463,606/-ක් වේ.

මෙම අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිළධාරි නීතිඥ හේමන්ත ස්වර්ණතිලක මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂක චානක්‍ය ලියනගේ මහතා, ලලිත් ඇතුලත්මුදලි මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලෙහි අධ්‍යක්ෂ ඩී.ආර්.සී. ජයවර්ධන මහතා, ජාතික සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩගේ මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) කසුන් ජයසූරිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.