දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (29) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.
අනාගත ඉලක්ක සහගතව ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් මෙරට ස්ථාපිත කිරීමේ කාර්යයේ දී මෙන්ම රට යළි ගොඩනැගීමේ කාර්යයේදීත් දන්ත ශල්‍ය වෛද්‍යවරුන් ප්‍රමුඛ කොටස්කරුවන් වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් අවධාරණය කළේය.
මෙම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් මෙරට හා විදේශීය විශ්ව විද්‍යාලය වල වෛද්‍ය පීඨයන්හි වසර පහක උපාධි අධ්‍යාපනය හැදෑරුවන් වන අතර එම අධ්‍යයන කටයුතුවලින් පසු දිවයින පුරා පිහිටි රජයේ ප්‍රධාන රෝහල් වල විශේෂඥ වෛද්‍යවරුන්, පළපුරුදු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ වසරක පුහුණුවක් ද හදාරා ඇත.
2026.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම් ලබා දුන් අතර උතුරු, නැගෙනහිර පළාත් ඇතුළුව දුෂ්කර ප්‍රදේශවල ස්ථාපිත රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවය සදහා මෙම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.


