සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට රටවල් 40කට නිදහස් වීසා පහසුකම

සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට රටවල් 40කට නිදහස් වීසා පහසුකම
  • SocialShare:

සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට රටවල් 40කට නිදහස් වීසා පහසුකම ලබා දීමට තීන්දු කළ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ඊයේ(25) BMICHහි දී පැවැති Hotel Show Colombo 2025' සමාරම්භයේ දී  අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ හේතුවෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 66 ක පමණ වීසා ආදායම අහිමිවීමක් සිදු වුවත්, සංචාරකයින් ප්‍රමාණය වැඩිවී, සංචාරක කර්මාන්තය ආශ්‍රිත ආදායම වැඩිවීම මගින් එම හිඟය පියවනු ඇති බවට අමාත්‍ය විජිත හේරත් විශ්වාසය පළ කර සිටියේය.

ශ්‍රී ලංකාවට නොමිලේ වීසා බලපත්‍ර ලබා ගැනීමට හැකි රටවල් ලැයිස්තුව පහතින්.

1.⁠ ⁠මහා බ්‍රිතාන්‍යය

2.⁠ ⁠ජර්මනිය

3.⁠ නෙදර්ලන්තය

4.⁠ ⁠බෙල්ජියම

5.⁠ ⁠ස්පාඤ්ඤය

6.⁠ ⁠ඕස්ට්‍රේලියාව

7.⁠ ⁠පෝලන්තය

8.⁠ ⁠කසකස්තානය

9.⁠ ⁠සෞදි අරාබිය

10.⁠ ⁠එක්සත් අරාබි එමීර් රාජ්‍යය

11.⁠ ⁠නේපාලය

12.⁠ ⁠චීන මහජන සමූහාණ්ඩුව

13.⁠ ⁠ඉන්දියාව

14.⁠ ⁠ඉන්දුනීසියාව

15.⁠ ⁠රුසියාව

16.⁠ ⁠තායිලන්තය

17.⁠ ⁠මලයාව

18.⁠ ⁠ජපානය

19.⁠ ⁠ප්‍රංශය

20.⁠ ⁠ඇමරිකා එක්සත් ජනපදය

21.⁠ ⁠කැනඩාව

22.⁠ ⁠චෙක් ජනරජය

23.⁠ ⁠ඉතාලිය

24.⁠ ⁠ස්විට්සර්ලන්තය

25.⁠ ⁠ඔස්ට්‍රියාව

26.⁠ ⁠ඊශ්‍රායලය

27.⁠ ⁠බෙලරුස්

28.⁠ ⁠ඉරානය

29.⁠ ⁠ස්වීඩනය

30.⁠ ⁠ෆින්ලන්තය

31.⁠ ⁠ඩෙන්මාර්කය

32.⁠ ⁠කොරියාව

33.⁠ ⁠කටාර්

34.⁠ ⁠ඕමානය

35.⁠ ⁠බහරේන්

36.⁠ ⁠නවසීලන්තය

37.⁠ ⁠කුවේට්

38.⁠ ⁠නෝර්වේ

39.⁠ ⁠තුර්කිය

40.⁠ ⁠පකිස්ථානය

Health Tourism ප්‍රවර්ධනයට මාලදිවයින ජාතිකයින්ට පනවා තිබූ වීසා සීමා ලිහිල් කර වසරක් සඳහා වීසා දීමට තීන්දු කළ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.