දිට්වා ආපදාවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානියට පත් නිවාස සහ කර්මාන්ත සඳහා වන්දි ලබාදීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (09) පුත්තලම දිස්ත්‍රික්කයේදී පැවැත්විණි.
එහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ක ප්‍රතිලාභීන් 228 දෙනෙකු වෙත රුපියල් මිලියන 318කට අධික වන්දි මුදලක් ප්‍රදානය කෙරිණි.
පූර්ණ හානි වූ නිවාස 150ක් සඳහා රුපියල් ලක්ෂ 50ක සම්පූර්ණ වන්දි මුදලෙන් පළමු අදියර ලෙස එක් නිවසකට රුපියල් 20 ලක්ෂ බැගින් ලබා දී ඇති අතර, අර්ධ හානි වූ නිවාස සහ හානියට පත් කර්මාන්ත සඳහා ද සහන මුදල් ලබා දීමට කටයුතු කර ඇත.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කළේ, ප්‍රතිලාභීන්ට ලබාදෙන මුදල් මහජන මුදල් වන බැවින් එය උපරිම ඵලදායී ලෙස භාවිතා කර තම නිවාස හා ව්‍යාපාර නැවත නගා සිටුවීමට වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.


