30 වැනි සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ සම්මාන උළෙල අගමැති ප්‍රධානත්වයෙන්

30 වැනි සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ සම්මාන උළෙල අගමැති ප්‍රධානත්වයෙන්
  • SocialShare:
පාසල් සිසුන් තුළ කලා රසඥතාව වර්ධනය කරමින් ජාතික හා ජාත්යන්තර මට්ටමේ විශිෂ්ට කලාකරුවන් බිහිකිරීමේ අරමුණින් සංවිධානය කළ “30 වැනි සමස්ත ලංකා පාසල් නාට්ය තරගාවලියේ” සම්මාන ප්රදානෝත්සවය පසුගියදා (15) කොළඹ “සව්සිරිපාය” ශ්රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශය සහ ටවුන්හෝල් පදනම එක්ව සිංහල හා දෙමළ මාධ්යයෙන් සංවිධානය කළ මෙම ජාතික මට්ටමේ තරගාවලිය සඳහා මෙවර නාට්ය 52ක් ඉදිරිපත් කර තිබුණි.
 
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් පැවති මෙම සම්මාන අමාත්ය හිනිඳුම සුනිල් සෙනෙවි, නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මහතා ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.
 
මෙම තරගාවලිය පාසල් දරුවන්ගේ රංගන, නිර්මාණාත්මක සහ නාට්ය කලා හැකියාවන් ඔප්නංවාලීමේ වැදගත් වේදිකාවක් ලෙස සැලකේ.