දෙදින නිල සංචාරයක් සඳහා ජනපති ලබන 28 වැනිදා මාලදිවයිනට

දෙදින නිල සංචාරයක් සඳහා ජනපති ලබන 28 වැනිදා මාලදිවයිනට
  • SocialShare:

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන ජූලි 28 සිට 30 වැනිදා දක්වා මාලදිවයිනේ රාජ්‍ය චාරිකාවක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, අන්‍යෝන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිතය.

එමෙන්ම මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා මාලදිවයිනේ ව්‍යාපාරික සංසදය ඇමතීම සහ ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව හමුවීමටද නියමිතය.