බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අධි අවදානම් කලාපවල ජීවත්වන _වතු ප්‍රජාව සුරක්ෂිත කිරීමට "මලෛයග මහිල්චිචි" වැඩසටහන යටතේ නව නිවාස ව්‍යාපෘතියකට මුල්ගල් තැබීම හෙට (26) වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම වතු පරිශ්‍රයන්හිදී සිදු කිරීමට නියමිතයි.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යථාර්තයක් කරමින් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක "ආපදා නිවාස වැඩසටහන" යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් මිලියන 54ක මුදලක් වෙන් කර ඇත.
බදුල්ල දිස්ත්‍රික්කයේ කනවරැල්ල සහ හොප්ටන් යන ප්‍රදේශවල නායයෑමේ අවදානමට ලක්ව සිටින පවුල් 17ක් සඳහා නව නිවාස ඒකක 17ක් ඉදි කිරීමට සැලසුම් කර ඇත.
දිගු කාලයක් පුරා ආපදා අවදානම් හේතුවෙන් පීඩාවට පත්ව සිටි ජනතාවට ස්ථිර, සුරක්ෂිත සහ ගෞරවනීය නිවාස ලබාදීම මෙහි ප්‍රධාන අරමුණයි.


