“තිරසර දියවර” ජාතික වැඩසටහන එළිදැක්වෙයි

“තිරසර දියවර” ජාතික වැඩසටහන එළිදැක්වෙයි
  • SocialShare:

ලෝක ජල දිනය සමඟාමීව ශ්‍රී ලංකාවේ ජල මූලාශ්‍ර සංරක්ෂණය හා තිරසාර භාවිතය ඉලක්ක කරගත් “තිරසර දියවර” ජාතික වැඩසටහන ඊයේ (24) පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙම වැඩසටහන යටතේ භූගත හා මතුපිට ජල මූලාශ්‍ර සංරක්ෂණය, ජල මූලාශ්‍ර සිතියම්ගත කිරීම, ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ පරීක්ෂණ පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එමෙන්ම ජල සම්පත් කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා ජාතික ජල සම්පත් මණ්ඩල පනත නව අවශ්‍යතාවලට අනුව සංශෝධනය කිරීමටද අවධානය යොමු කර ඇත.

වැඩසටහනේ ආරම්භක අදියර ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ ජල මූලාශ්‍ර 100ක් පරීක්ෂාවට ලක්කර, තෝරාගත් ස්ථාන 50ක ජල සාම්පල මත ක්ෂුද්‍ර ජීවී විශ්ලේෂණ සිදු කර Total Coliform හා E. coli වැනි දූෂණයන් හඳුනාගෙන තිබේ.

මෙම ක්‍රියාමාර්ග මගින් පානීය ජල සුරක්ෂිතභාවය වැඩිදියුණු කිරීම, ප්‍රජා සෞඛ්‍ය ආරක්ෂා කිරීම සහ ජනතාව ජල මූලාශ්‍ර සංරක්ෂණයට සක්‍රීයව එක් කරගැනීම අපේක්ෂා කෙරේ.