මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතිවිරෝධී ලෙස උපයා ගත් මුදලින් මිලදී ගන්නා ලද රුපියල් මිලියන 150ක වටිනාකමකින් යුතු දේපළ ක්‍රියා විරහිත කර ඇති බව පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
මෙම පුද්ගලයා වයස අවුරුදු 46ක් වන මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අද (25) හොරේතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව මෙම ජාවාරම්කරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට කරුණු අනාවරණය වන පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 50ක වටිනාකමින් යුතු පර්චස් 11ක ඉඩමක පිහිටි නිවසක් සහ මොරටුව ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 100ක වටිනාකමින් යුතු පර්චස් 16ක ඉඩමක පිහිටි තෙමහල් නිවසක් ,2006 අංක 05 දරණ විශුද්ධිකරණට වැළැක්වීමේ පනතට අනුව දින හතක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර තිබේ.
සැකකරු හෙට (26) මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරේ.


