ඉන්දියාවේ අහ්මදාබාද්හිදී ගුවන් යානයක් අනතුරකට ලක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි
ඉන්දියාවේ සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 242ක් පමණ සිට ඇති බව වාර්තා වේ.
මෙම ගුවන්යානා අනතුරෙන් කිසිඳු පුද්ගලයෙකු දිවි බේරාගෙන නොමැති බව අහ්මදාබාද් පොලිස් ප්‍රධානියා උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මගීන් 230ක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු රැගත් බොයිං 787 වර්ගයේ ගුවන්යානයක් අද (12) පස්වරු 1:17ට පමණ ලන්ඩන් බලා පිටත්වයෑමට අහ්මදාබාද් ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කර සුළු මොහොතකින් අනතුරකට පත්විය.