සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහණ ලබාදීමට රජය සෑම විටම සූදානම් බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.
අද(12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
බැංකු පද්ධතියට සම්බන්ධ වෙමින් නියමිත පරිදි ණයලබා ගත් ව්‍යාපාරිකයන්ට මේ ඔස්සේ මෙම ප්‍රතිලාභ ලැබෙන බවද කීය.
රුපියල් මිලියන 650කට ආසන්න ප්‍රමාණයකට මේ වන විට ඇප නැතිව ණය ලබා දී ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. රජය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහණ සලසා තිබෙන බවද හෙතෙම පැවසීය.
රජය සුදුසු අවස්ථාවේදී කඩිනමින් මැදිහත් වී ව්‍යාපාරිකයන්ට ණය ලබා දී ඇති බවත්, ජුනි මාසයේ 09 වෙනිදා සිට තවත් ප්‍රතාලාභ ලබා දීමට කටයුතු කර ඇතැයිද කීය.
ජාතික ණය සුරැකුම් කාර්යංශය මඟින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා ඇප නොමැතිව ණය ලබා ගැනීමට හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.