පවතින අධික වර්ෂාපතනය හමුවේ ඉදිරි පැය 24 තුළ කැලණි ගඟ ද්රෝණිය ආශ්රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම කාලය තුළ රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට, බුලත්කොහුපිටිය ප්රදේශ ආශ්රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවද නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
කැලණි ගඟ ද්රෝණිය ආශ්රිතව ඉහළ ධාරා ප්රදේශවලට මේ වන විට මිලිමීටර් 300කට ආසන්න සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.
මේ හේතුවෙන් එම ප්රදේශ ආශ්රිතව පදිංචි මහජනතාව මෙන්ම එම මාර්ග භාවිත කරන රියදුරන් මෙන්ම මගීන්ද මේ සම්බන්ධව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.


