පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟ ද්‍රෝණියේ පහත්බිම් රැසකට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දේ.
ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ දෙපස සහ පහත්බිම්වල පදිංචි මහජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් සහ මගීන් ද මේ පිළිබඳව දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශවලින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.


