වසර 2030 වනවිට හයිඩ්රොෆ්ලෝරෝක්ලෝරෝකාබන් (HCFC) සහිත උපකරණ සහ උපාංග ආනයනය මෙන්ම භාවිතය ද තහනම් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
පහළ වායුගෝලය දූෂණය වීම ,වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මෙන්ම ඕසෝන් ස්ථරය විනාශ වීමටද මෙම වායූන් බලපාන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙ වනවිට සංවර්ධනය වන රටවල් HCFC , CFC භාවිත කෙරෙන උපකරණ භාවිතය තහනම් කර ඇති බව කීය.
ශ්‍රී ලාකාවේ ක්ලෝරෝෆ්ලෝරෝකාබන් (CFC) භාවිතය වර්ෂ 2008දී තහනම් කළ බවත් වසර 2030 වන විට මෙම වායූන් භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ලොව පුරා ඉලක්කය වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
තවද හයිඩ්රොෆ්ලෝරෝක්ලෝරෝකාබන් පමණක් අඩංගු උපකරණ ආනයනය සම්බන්ධයෙන් රෙගුලාසි කිහිපයක් ඉදිරිපත් කිරීමට රජය පියවර ගෙන ඇති බවද හෙතෙම අවධාරණය කළේය.


