ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරෙන ජාතික නිවාස වැඩසටහන - 2026 යටතේ දිස්ත්‍රික් මට්ටමේ දිස්ත්‍රික් වැඩසටහන් ආරම්භය අද (25) සිදු විය.
ඒ අනුව නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති දිළිඳු පවුල් වෙනුවෙන් නව රජයේ සංකල්පයක් මත ක්‍රියාත්මක “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ හදුනාගත් අඩු ආදායම්ලාභී ප්‍රතිලාභී හිමි කටුකුරුන්ද ග්‍රාමයේ නිවසක් ඉදිකිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් මුල්ගල තැබීම අද (25) පෙරවරුවේ සිදුවිය.
තමන්ටම කියා නිවසක් සාදා ගැනීමට මෙන්ම ජීවිතයේ ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට නොහැකි ජනතාව වෙනුවෙන් දිවයිනේ පිහිටි සෑම ප්‍රාදේශීය ලේකම් කාර්‌යාලයකම පූර්ණ අධීක්ෂණය සහ සම්බන්ධීකරණය යටතේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියේ කළුතර දිස්ත්‍රික්කයේ සමාරම්භය මෙලෙස සනිටුහන් විය.
නිවාස, ඉඩම් සහ සම්පාදන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන ජාතික නිවාස වැඩසටහන - 2026 යටතේ මෙම වසරේ අමාත්‍යංශ 06 ක් යටතේ නිවාස 31,000 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.
මේ අනුව නිවාස සංවර්ධන අධිකාරිය යටතේ නිවාස ආධාර පවුල් 10,000 කට පමණ මිලියන 10,000 ක් ලබාදීමට කටයුතු කෙරෙන අතර, අඩු ආදායම්ලාභී පවුල් සදහා තමන්ගේ නිවස සාදා ගැනීමට එක පවුලකට රුපියල් මිලියනයක මුදලක් නැවත අයකර නොගන්නා ආධාරයක් ලෙස ලබාදෙනු ලබයි.
මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නිහාල් අබේසිංහ, නන්දන පත්මකුමාර, චන්දිම හෙට්ටිආරච්චි, සංජීව රණසිංහ, ඒ. එච්. ජී. ධනුෂ්ක රංගනාත්, නිලන්ති කොට්ටහච්චි, ඔෂානි උමංගා, කළුතර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත්, අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. පි. ලියනගේ, සහකාර දිස්ත්‍රික් ලේකම් එච්. සුරංග ප්‍රදීප්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමණාකරු කළුතර, අජිත් කුමරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


