කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය දෙවන වර කියවීම අද පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද දෙකකින් සම්මත විය.
ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමිව ඇති අතර, විපක්ෂව ඡන්ද 56ක් හිමිව තිබේ.


