‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ආපදාත්මක බලපෑම්වලින් පසු රට පුරා ප්‍රතිසාධන, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ‘Rebuilding Sri Lanka’ නමින් ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කර ඇත.
ඒ සඳහා අද (31) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම කාර්ය සාධක බළකාය මඟින් ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහ තිරසාර විසඳුම් ලබාදීම, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම සහ දීර්ඝකාලීන සංවර්ධන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගෙන ඇත.
අදාළ සියලු රාජ්‍ය ආයතන, පළාත් සහ පළාත් පාලන ආයතන සමඟ සමීප සම්බන්ධීකරණයකින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවද ගැසට් නිවේදනයේ සඳහන් වේ.
එම ගැසට් නිවේදනය පහත දැක් වේ.




