2026 අයවැය කතාව ඇරඹෙයි

2026 අයවැය කතාව ඇරඹෙයි
  • SocialShare:

‘අයවැය කතාව’ හෙවත් 2026 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මීට සුළු මොහොතකට පෙර අරඹන ලදී.

අය වැය කතාව ඉදිරිපත් කරමින් ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ  මේ වන විට විනිමය අනුපාතය ස්ථාවර  වී ඇති බවයි. උද්ධමනය සීයට පහකට අඩු සංඛ්‍යාවකින් පවත්වා ගැනීමට උපරිම උත්සාහය දරන බවත් උද්ධමනය ධන අගයකට පැමිණ  ඇති බවත් ජනපතිවරයා පැවසිය.

විනිමය අනුපාත ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට  හැකි වූ බවත් මේ වන විට  ණය ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ ඇතැයි ද පැවසීය.

විදේශ සංචිත මේ වසර අවසන් වනවිට අ.ඩො.බි. 7කට ගෙන ඒමට අපේක්ෂිත බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

එමෙන්ම රාජ්‍ය ආදායම 16%ක මට්ටමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසු ජනාධිපතිවරයා, ගෝලීය කම්පන මැද පවා විදේශ සංචිත ශක්තිමත් කළ බව පැවසීය.

අවිධිමත් ක්‍රම ඔස්සේ බදු සහන ලබාදීම අහෝසි කර ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, බදු පරිපාලනය තවදුරටත් ශක්තිමත් කරන බව ද කියා සිටියේය.