2026 අයවැය ඉදිරිපත් කිරීමට ජනපති පාර්ලිමේන්තුවට..

2026 අයවැය ඉදිරිපත් කිරීමට ජනපති පාර්ලිමේන්තුවට..
  • SocialShare:

2026 අයවැය ඉදිරිපත් කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ, ජාතික ජන බලවේග ආණ්ඩුවේ දෙවන අයවැය වන අතර එය ශ්‍රී ලංකාවේ 80 වැනි අයවැයයි.
2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි
එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634කි.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 618ක් වෙන් කර ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 596ක මුදලක් වෙන් කර තිබේ.
එසේම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 554ක් වන අතර ආරක්ෂක අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 455කි.