අද වන විට ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම ධනාත්මක සාධක පෙන්නුම් කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මූල්‍ය විනයක් ඇති රටක්,නීතිමය රාමුවක් ගෙන ඒමට රජය කටයුතු කළ බවත්, බදු ගෙවන හැම රුපියලකටම වග කියන බවද ජනපතිවරයා පැවසීය
පසුගිය වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 900 කින් ඉහළ ගොස් ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.
කොටස් වෙළඳපොළ දිනපතා වාර්තා තබමින් සිටින බවත්,
විරැකියාව පහත දමන්නට හැකියාව ලැබී ඇතැයිද ජනපතිවරයා පැවසිය.
අද වන විට විරැකියාව 4.5 % සිට 3.8% දක්වා පහත වැටී තිබෙනවා
රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදකයෙන් සියයට 20 මට්ටමට ගෙන ඒම අපේ අරමුණයි.
සෘජු බදු සහ වක්‍ර බදු අනුපාතය සියයට 60-40 අනුපාතයට ගෙන ඒමට කටයුතු කරනවා.
මෙවර අයවැය හිඟය 5.2 දක්වා අඩුවෙනවා.


