බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද දිනයේ ස්වල්ප වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
එමෙන්ම, දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට සහ ත්රිකුණාමලය දිස්ත්රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයෙන් තද සුළං හමනු ඇති බවට අනාවැකි පළ කර තිබේ. තද සුළං අපේක්ෂිත ප්රදේශවල ජනතාව අවශ්ය ආරක්ෂක පියවර ගන්නා ලෙසත්, විශේෂයෙන් ගස්, විදුලි රැහැන් සහ තාවකාලික ඉදිකිරීම් ආශ්රිත අවදානම් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් වැඩිදුරටත් සඳහන් කරයි


