ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල දායකත්වය ඇතිව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන ‘‘කොළඹටත් පොසොන්’’ ජාතික බාලදක්ෂ පොසොන් කලාපයේ දෙවන දිනය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් ඊයේ (29) පස්වරුවේ විවෘත විය.
මිහිඳු මහා රහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීම සිහිපත් කෙරෙන ආකෘතියක්, පොසොන් කූඩු ප්‍රදර්ශනයක්, භක්ති ගී ප්‍රසංගයක් සහ දන්සැල්වලින් මෙම පොසොන් කලාපය සමන්විත වේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුප්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රෝෂන් ගමගේ, ජනාධිපති අතිරේක ලේකම් කේ.එන්.එම්. කුමාරසිංහ, ලංකා නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ රජීව අමරසූරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


