සත්ව සුබසාධනය සඳහා නව නීතිමය රාමුවක් හඳුන්වාදීමේ අරමුණින් සකස් කර ඇති සත්ව සුබසාධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සත්ව සුබසාධනය සම්බන්ධයෙන් සකස් කර තිබූ පනත් කෙටුම්පත සමාලෝචනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුවේ නිර්දේශ මත පදනම්ව අවසන් කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී ඇත.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ සත්ව සුබසාධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම පනත් කෙටුම්පත මගින් සතුන්ගේ සුබසාධනය, ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා නව නීතිමය විධිවිධාන හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.
[13:31, 23/06/2026] Prabhashini Akka DGI: ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සියලු ශාඛා ආවරණය වන පරිදි නව පුළුල් පරිගණක ජාලයක් ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙරට වාර්ෂිකව විභාග 300කට අධික සංඛ්‍යාවක් පවත්වන විභාග දෙපාර්තමේන්තුව තුළ දත්ත කළමනාකරණය සහ මෙහෙයුම් කටයුතු සඳහා පරිගණක කළමනාකරණ තොරතුරු පද්ධතියක් භාවිත කෙරුණද, එහි ශාඛා අතර ජාලගත සම්බන්ධතාව සීමිත වීම හේතුවෙන් බොහෝ ක්‍රියාවලීන් භෞතික මාර්ගයෙන් සිදු කිරීමට සිදුව ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් කාර්යක්ෂමතාව අඩුවීම, ප්‍රමාදයන් ඇතිවීම සහ මානව හා භෞතික සම්පත් නාස්තිය වැනි ගැටලු මතුව ඇති බව නිරීක්ෂණය කර ඇත.
ඒ අනුව, රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක ජාල යටිතල පහසුකම් උසස් කිරීමේ අරමුණින් මෙම නව ජාලය සැලසුම් කිරීම, ස්ථාපනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.


