හඳපානාගල අලිමංකඩ අලි ඇතුන් වෙනුවෙන් නිදහස් කෙරේ

හඳපානාගල අලිමංකඩ අලි ඇතුන් වෙනුවෙන් නිදහස් කෙරේ
  • SocialShare:

අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුම් ලබාදීමේ ජාතික වැඩපිළිවෙල යටතේ හදපානාගල අලි කොරිඩෝව ඇතුළු ප්‍රධාන අලි කොරිඩෝ කිහිපයක් පසුගියදා (5) නිදහස් කෙරිණි.

අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති, සැලසුම් රහිත පදිංචිකිරීම් සහ ඉඩම් බෙදාදීම් හේතුවෙන් වසර ගණනාවක් අවහිර වී තිබූ මෙම සාම්ප්‍රදායික අලි සංක්‍රමණික මාර්ගය නිදහස් කිරීමෙන් වන අලීන්ට ආහාර හා ජලය සොයා ගමන් කිරීම පහසු වන අතර අලි-මිනිස් ගැටුම ද අවම කිරීමට මෙමගින් අපේක්ෂා කෙරේ.

මේ වනවිට රජය හඳුන්වා දී ඇති තෙවැදෑරුම් අලි-මිනිස් ගැටුම් කළමනාකරණ සැලැස්ම යටතේ කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන පියවර ලෙස අලි කොරිඩෝ නිදහස් කිරීම ක්‍රියාත්මක කෙරෙන අතර, අලි-මිනිස් සහජීවනය තහවුරු කිරීම සඳහා තවත් වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.