වී අලෙවි මණ්ඩලය සතු වී තොග අලෙවි කිරීම සඳහා ඊයේ(25) පැවති අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. ඒ සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගත් මෙට්‍රික් ටොන් 115,000කට ආසන්න වී තොගයක් මේ වන විට මණ්ඩලයේ ගබඩාවල ගබඩා කර ඇති බව සඳහන් වේ.
ඉදිරි යල කන්නයේදී ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් සහ මූල්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමේ අරමුණින්, එම වී තොගයෙන් ප්‍රමාණවත් කොටසක් රඳවා තබාගෙන ඉතිරි ප්‍රමාණය අලෙවි කිරීමට රජය සැලසුම් කර තිබේ.
ඒ අනුව, විධිමත් ටෙන්ඩර් ක්‍රමවේදයක් යටතේ වී තොග අලෙවි කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.


