ශ්රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්රාමික) Nayyar Naseer මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අතර විශේෂ නිල හමුවක් පසුගියදා අමාත්යාංශ පරිශ්රයේදී පැවැත්වුණි.
දෙරට අතර පවතින දිගුකාලීන මිත්රත්වය සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම මෙම සාකච්ඡාවේ ප්රධාන අරමුණ විය.
එමෙන්ම ආගමික හා සංස්කෘතික සහයෝගීතාව ප්රවර්ධනය කිරීම, ආගමික හා සංස්කෘතික අධ්යාපනය නංවාලීම, පශ්චාත් උපාධි අධ්යාපන අවස්ථා පුළුල් කිරීම, තරුණ හා ශිෂ්ය වැඩසටහන් ක්රියාත්මක කිරීම සහ සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කිරීම ඇතුළු කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාවට පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් Bilal Khan මහතා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ අතිරේක ලේකම් (සංස්කෘතික ප්රවර්ධන හා විදේශ කටයුතු) ධම්මිකා විජයසිංහ මහත්මිය, ජ්යේෂ්ඨ සහකාර ලේකම් (විදේශ) එල්.වී හෙට්ටිආරච්චි මහතා, අමාත්යතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරී කල්ප ඉසුරු මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද වූහ.


