දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි
  • SocialShare:
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු පළාතේ සහ අනුරාධපුර, හම්බන්තොට දිස්ත්රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්රික්කයේත් පස්වරු කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්රික්කයේද පැ.කි.මී. 30-40 පමණ තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටී