ලෝකයේ තේ නිෂ්පාදනයේ ප්‍රධාන රටක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාව අභිමානවත් ලෙස 2026 වසරේදී තේ දිනය සැමරීමට සූදානම් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ලෝක තේ දින සැමරුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මැයි මාසයේ 21 වනදාට ජාත්‍යන්තර තේ දිනය යෙදී ඇතැයිද ලොව ජනයා ජලය පානයෙන් පසු වැඩියෙන්ම පානය කරන පානය තේ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. සිලෝන් ටී නාමය අද ලෝකයේම පිළිගත් සන්නාමයක් බවට පත්වී ඇතැයිද සදහන් කළේය.
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය සුරකිමු ප්‍රජාවන් ශක්තිමත් කරමු යන තේමාව යටතේ 2026 වසරේ ශ්‍රී ලංකාවේ තේ දිනය සැමරීමට සැලසුම් කර ඇතැයිද පැවසුවේය. තේ දිනය නිමිත්තෙන් තේ මණ්ඩලයේ සිට 21 වනදා උදෑසන 09.30ට Ceylon tea walk නමින් පා ගමනක් ඇරඹෙන අතර එය ගාලු මුවදොරට පැමිණෙන බවද සදහන් කළේය.
තේ කර්මාන්තය සමග සම්බන්ධ පාර්ශව රැසක් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙවර ජාත්‍යන්තර තේ දින සැමරුම එම සියලු පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇතැයිද අවධාරණය කළේය.


