විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතියේ (e-DAS) ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, ලේඛන සහතික කිරීමේ සියලුම සේවාවන් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම අත්හිටුවීම බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයට මෙන්ම යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, මාතර සහ කුරුණෑගල යන ප්‍රදේශවල පිහිටි සියලුම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවලටද බලපානු ඇති බවද අමාත්‍ය්‍යංශය පවසයි.
අදාළ සේවා සපයන්නන් සහ පාර්ශවකරුවන් සමඟ එක්ව, පද්ධතිය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කර සේවාවන් නැවත ආරම්භ කිරීම සඳහා කඩිනම් පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
අන්තර්ජාලය ඔස්සේ වේලාවන් වෙන්කරවාගෙන ඇති සියලුම අයදුම්කරුවන්ගෙන් ‘e-Channeling’ පද්ධතිය හරහා ඉදිරි දැනුම්දීම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද e-DAS පද්ධතිය යථා තත්ත්වයට පත් කළ වහාම, බලපෑමට ලක්වූ සියලුම අයදුම්කරුවන් වෙත ඒ පිළිබඳ නිසි දැනුම්දීම සිදුකරන බවද අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කර ඇත.


