විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ බෙලරුස් ජනපති අතර හමුවක්

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ  බෙලරුස් ජනපති අතර හමුවක්
  • SocialShare:

බෙලරුස්  රාජ්‍යයේ සංචාරයක නිරත වන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මහතා මහතා හමුවී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ.

ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීම සඳහා වෙළඳ, කර්මාන්ත, කෘෂිකාර්මික, අධ්‍යාපන සහ ජනතා සබඳතා ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇත.

එමෙන්ම දෙරටටම ප්‍රතිලාභ සැලසෙන ආකාරයෙන් පැහැදිලි දැක්මක් සහිත මාර්ග සිතියමක් සකස් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී තිබේ.

ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 25ක් සපිරෙන අවස්ථාවේදී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වූ පොදු කැපවීමද මෙහිදී යළි තහවුරු කර ඇත.