ජලාශ රැසක් වාන් දමයි – පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක්

ජලාශ රැසක් වාන් දමයි – පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක්
  • SocialShare:

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 19කට අධික සංඛ්‍යාවක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමණාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා පවසයි.


අද (15) පෙරවරු 6.00 වනවිට රාජාංගන, ලුණුගම්වෙහෙර, තබ්බෝව, ඉගිණිමිටිය, දැදුරුඔය සහ යාන්ඔය ඇතුළු ජලාශ රැසක වාන් දොරටු විවෘත කර විශාල ජල ප්‍රමාණයක් ගංගා සහ ඔය වෙත මුදාහැරෙමින් පවතින බව ද ඒ් මහතා පවසයි.
තබ්බෝව සහ ඉගිණිමිටිය ජලාශවලින් පමණක් තත්පරයට ඝන අඩි 11,000කට අධික ජල ප්‍රමාණයක් මීඔයට නිකුත් කෙරේ. මේ හේතුවෙන් පහත්බිම් සහ ගංඟා ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි