පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඊයේ (13) සහ අද (14) පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇති බව ශ්‍රි ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි.
පුත්තලම දුම්රිය මාර්ගය,තිල්අඩි ප්‍රදේශයේදී ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇති බවත් එම ජල මට්ටම තව දුරටත් වැඩි වෙමින් පවතන බවත් එහි වැඩි දුරටත් සඳහන් වේ.
ඒ අනුව , ඊයේ (13) පුත්තලම කාර්යාල දුම්රිය සහ අනෙකුත් සියලු දුම්රියන් කොළඹ කොටුව සිට හලාවත දක්වා පමණක් ධාවනය කෙරුණු අතර අද (14) උදෑසන එම දුම්රියන් හලාවත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර ඇත.
පවතින තත්වය සැලකිල්ලට ගෙන හලාවත සහ පුත්තලම අතර දුම්රිය ධාවනය පිළිබඳව ඉදිරියේදී මහජනතාව දැනුවත් කරන බව ශ්‍රි ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.


