ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ ජය ශ්‍රී මහා බෝධි අංකුරය උතුරු ඇමරිකාවට වැඩම කරවයි

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ ජය ශ්‍රී මහා බෝධි අංකුරය උතුරු ඇමරිකාවට වැඩම කරවයි
  • SocialShare:
අනුරාධපුර ඓතිහාසික ජය ශ්රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය සහ ශ්රී සර්වඥ ධාතූන් වහන්සේලා පසුගියදා (01) ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්රාන්තයේ ඩලස් ගුවන් තොටුපළ වෙත වැඩම කරවන ලදී.
මෙම වැඩසටහන සඳහා මහා සංඝරත්නය සමඟ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු දූත පිරිසක් සහභාගී විය.
 
පූජ්ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ, ඇමරිකාවේ ශ්රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ කොන්සියුලර් ජනරාල් ලංකා පන්නිල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
ගුවන් තොටුපළෙන් පසුව අතිඋත්කර්ෂවත් රථ පෙරහැරක් මගින් ශ්රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ ජය ශ්රී මහා බෝධි අංකුරය ටෙක්සාස්හි පිහිටි මහා විපස්සනා භාවනා මධ්යස්ථානය වෙත වැඩම කරවන ලදී.
 
මෙම අවස්ථාවට ඇමරිකාවේ වෙසෙන ශ්රී ලාංකික බෞද්ධ ජනතාව මෙන්ම වියට්නාම් ජාතික බැතිමතුන් ද විශාල පිරිසක් සහභාගී වූහ.
 
මෙම ශ්රී සර්වඥ ධාතු ප්රදර්ශනය මහජන වන්දනා හා ගෞරව කටයුතු සඳහා මැයි මස 02 වනදා සිට ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්යස්ථානයේදී පැවැත්වේ.