පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවාව නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවාව නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි
  • SocialShare:

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් හෙට (08) එම ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල අත්‍යවශ්‍ය සේවාලාභීන්ට පමණක් එක්දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් නිකුත් කෙරෙන බවත් සාමාන්‍ය සේවය මෙන්ම පෙරටු කාර්යාල සේවාවන් නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක නොවන බවත් නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සඳහා ලබා දෙන ජාතික හැඳුනුම්පත් තොරතුරු සත්‍යාපනය කිරීම සහ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය ඇතුලු අනෙකුකත් සියලුම සේවාවන් ක්‍රියාත්මක නොවන අතර අදාල ආයතන ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත් එම නිවේදනයේ දැක්වේ.
පද්ධතිය නැවත යථාවත් වූ වහාම සියලු සේවාවන් අඛණ්ඩව සිදු කෙරෙන අතර මහජනතාවට මෙන්ම සෙසු ආයතනවලට සිදුවන අපහසුතාව සම්බන්යෙන් එම දෙපාර්තමේන්තුව සිය කණගාටුව ප්‍රකාශ කරයි